Skip to main content

Command Palette

Search for a command to run...

What is a Protocol (ප්‍රොටෝකෝලයක්)?

Updated
3 min read
What is a Protocol (ප්‍රොටෝකෝලයක්)?
H

Hi, I’m Harsha Fernando. I love coding, learning new tech, and sharing knowledge in Sinhala. I write about programming, web development, and real-world projects.

සරලවම කිව්වොත්, Protocol එකක් කියන්නේ "නීති මාලාවක්" (Set of Rules).

රෙස්ටුරන්ට් එකේ වේට​ර් සහ ඔයා අතර ගනුදෙනුව සාර්ථක වෙන්න නම්, දෙන්නම එකම භාෂාවක් සහ එකම ආචාර විධි (Etiquette) පිළිපදින්න ඕන.

  • ඔයා චීන භාෂාවෙන් කතා කරලා, වේට​ර් සිංහලෙන් උත්තර දුන්නොත් වැඩේ හරියන්නේ නෑ.

  • ඒ වගේම, පරිගණක දෙකක් කතා කරද්දී "කොහොමද data යවන්නේ?", "කොහොමද data ලැබුණා කියලා confirm කරන්නේ?" කියන දේවල් තීරණය කරන්නේ Protocol එකෙන්.

අපි බලමු Web APIs ව​ල වැදගත්ම Protocols කිහිපය​ක්:

1. HTTP & HTTPS (The Standard Conversation)

"The Language of the Web"

අපි කලින් කතා කරපු REST API එක වැඩ කරන්නේ මේ Protocol එක උඩ. ලෝකේ තියෙන හැම website එකක්ම වැඩ කරන්නේ මේකෙන්.

  • HTTP (HyperText Transfer Protocol): මේක හරියට සාමාන්‍ය විවෘත කතාබහක් වගේ. ඔයා වෙටර්ට ඇහෙන විදිහට කෑම ඉල්ලනවා. වටේ ඉන්න අයට වුණත් අහගෙන ඉන්න පුළුවන්.

  • HTTPS (Secure): අන්තිමට තියෙන 'S' අකුරෙන් කියන්නේ Security. මේක හරියට ඔයා වේට​ර් එක්ක "රහස් කේත භාෂාවකින්" (Code language) කතා කරනවා වගේ. වටේ ඉන්න කෙනෙක් අහගෙන හිටියත් එයාට තේරෙන්නේ නෑ ඔයා මොනවද ඉල්ලුවේ කියලා.

2. TCP (The Reliable Delivery Guy)

"Slow but 100% Guaranteed"

ගොඩක් වෙලාවට HTTP වැඩ කරන්නේ TCP (Transmission Control Protocol) කියන protocol එක උඩ.

  • කොහොමද වැඩ කරන්නේ?: මේ ක්‍රමයේදී Data යවන්නේ කුට්ටි (Packets) විදිහට. වැදගත්ම දේ තමයි, හැම කුට්ටියක්ම එහා පැත්තට ලැබුණද කියලා මේකෙන් check කරනවා (Handshake & Acknowledgement).

  • Analogy: හිතන්න වේට​ර් ඔයාට කෑම ජාති 5ක් ගේනවා. එයා එක පාර ඔක්කොම ගේන්නේ නෑ.

"සර්, මේ බත් එක." (ඔයා: "හරි ලැබුණා").

"සර්, මේ චිකන් එක." (ඔයා: "හරි ලැබුණා").

  • මොකක් හරි මගදි වැටුණොත්, වේට​ර් ආයේ ගිහින් ඒක අරන් එනවා.

  • Use Case: Web browsing, Emails, File downloads (ෆයිල් එකෙන් භාගයක් ඇවිත් හරියන්නේ නෑනේ, සම්පූර්ණ එකම ඕන).

3. UDP (The Fast & Furious)

"Super Fast but No Guarantee"

මේක TCP එකේ අනිත් පැත්ත. UDP (User Datagram Protocol) වලදී check කර කර ඉන්නේ නෑ. Data ටික විසි කරගෙන විසි කරගෙන යනවා.

  • කොහොමද වැඩ කරන්නේ?: Data packets යවනවා, හැබැයි ඒවා ලැබුණද කියලා බලන්නේ නෑ. එකක් දෙකක් මගදි නැති වුණාට ප්‍රශ්නයක් නෑ.

  • Analogy: මේක හරියට වේට​ර් කුස්සියේ ඉඳන් කෑම ටික ඔයාගේ මේසෙට වේගෙන් වීසි කරනවා වගේ. ෆ්‍රයිඩ් රයිස් ඇට දෙක තුනක් බිම වැටුණට කමක් නෑ, ඔයාට බඩගිනි නිසා කෑම ටික ඉක්මනට ලැබෙන එකයි වැදගත්.

  • Use Case: Video Calls (Zoom), Online Gaming, Live Streaming.

  • (Video call එකකදී පොඩි කෑල්ලක් හිර වුණාට අපි ආයේ ඒක ඉල්ලන්නේ නෑ, අපි ඊළඟ තත්පරේට යනවා).

4. IP (The Address System)

"Finding the location"

IP (Internet Protocol) කියන්නේ Data යවන්නේ කොතැනටද කියන එක.

  • Analogy: රෙස්ටුරන්ට් එකේ මේස අංකය (Table Number).

  • වේට​ර් (API) කෑම (Data) ගෙනාවට වැඩක් නෑ මේස අංකය (IP Address) දන්නේ නැත්නම්.

දැන් ඔයාට සම්පූර්ණ පින්තූරයම තියෙනවා:

Client කෙනෙක් IP එක හරහා තැන හොයාගෙන, TCP මාර්ගයේ ඇවිත්, HTTPS භාවිතා කරලා ආරක්ෂිතව, REST API එක හරහා Data ඉල්ලනවා!.

More from this blog

Garbage Collector (GC) යනු කුමක්ද? – Heap Memory පිරිසිදු කරන ක්‍රියාවලිය

කලින් ලිපියේදී Heap Memory එකේ දත්ත කළමනාකරණය කිරීම developer​ට හෝ ස්වයංක්‍රීය ක්‍රියාවලියකට පැවරෙන බව සාකච්ඡා කරා. මෙම ස්වයංක්‍රීය ක්‍රියාවලිය හඳුන්වන්නේ Garbage Collector (GC) ලෙස​යි. Garbage Collector යනු, Heap Memory තුළ භාවිතයෙන් ඉවත් වූ (unused...

Jan 24, 20263 min read
Garbage Collector (GC) යනු කුමක්ද? – Heap Memory පිරිසිදු කරන ක්‍රියාවලිය

Primitive Type සහ Reference Type කියන්නේ මොනවද?

Programming language වල Data Store කරන විදි දෙකක් තියෙනවා: Primitive Types Reference Types (Non-Primitive Types) මේ දෙක අතර මූලික වෙනස තියෙන්නේ Memory එකේ Data තියෙ​න විදිහ. Primitive Types කියන්නේ මොනවද? Primitive type එකක් කියන්නේ simple value...

Jan 24, 20263 min read
Primitive Type සහ Reference Type කියන්නේ මොනවද?

Stack vs Heap memory

පරිගණක ක්‍රමලේඛනයේදී (Computer Programming) memory කළමනාකරණය (Memory Management) ඉතා වැදගත් වේ. ඕනෑම මෘදුකාංගයක් ක්‍රියාත්මක වන විට, එයට අවශ්‍ය දත්ත ගබඩා කර තබා ගැනීමට RAM (Random Access Memory) භාවිතා කරයි. මෙම මතකය(Random Access Memory) ප්‍රධාන වශය...

Jan 24, 20263 min read
Stack vs Heap memory

ලෝකේ බහුලවම භාවිතා වන API styles

API එකක් කියන්නේ මොකක්ද කියලා ඔයා දැන් දන්න​වා, හැබැයි කලින් Article එකේ මම කිව්​වා වගේ ලොකේ භාවි​තා වන විවිධ API styles තියෙනවා ඉතින් අද අපි බලමු ඒ මොනවද, ඒවගේ වෙනස්කම් මොනවද කියලා. ඉදිරියට යන්න කලින් පොඩි පැහැදිලි කිරීමක්:මේ ලිපිය පුරාවටම අපි උදාහර...

Jan 22, 20264 min read
ලෝකේ බහුලවම භාවිතා වන API styles
K

KodeXEdu

6 posts

We simplify complex programming concepts in Sinhala for beginners.