Stack vs Heap memory

Hi, I’m Harsha Fernando. I love coding, learning new tech, and sharing knowledge in Sinhala. I write about programming, web development, and real-world projects.
පරිගණක ක්‍රමලේඛනයේදී (Computer Programming) memory කළමනාකරණය (Memory Management) ඉතා වැදගත් වේ. ඕනෑම මෘදුකාංගයක් ක්‍රියාත්මක වන විට, එයට අවශ්‍ය දත්ත ගබඩා කර තබා ගැනීමට RAM (Random Access Memory) භාවිතා කරයි.
මෙම මතකය(Random Access Memory) ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කර ඇත:
ස්ටැක් මෙමරි (Stack Memory)
හීප් මෙමරි (Heap Memory)
1. ස්ටැක් මෙමරි (Stack Memory) යනු කුමක්ද?
ස්ටැක් මෙමරි යනු ඉතා පිළිවෙලට දත්ත ගබඩා කරන මතක කොටසකි. මෙය ක්‍රියාත්මක වන්නේ LIFO (Last In, First Out) හෙවත් “අන්තිමට ඇතුල් කළ දේ මුලින්ම පිටවේ” යන නීතියට අනුවයි.
මෙය ක්‍රියාත්මක වන ආකාරය
ඔබ යම් method/function එකක් call (invoke) කරන විට:
එම method එකට අදාළ local variables
method call information (stack frame)
ස්ටැක් එක තුළට Push කරයි.
method එක අවසන් වූ වහාම එම දත්ත Pop කර ඉවත් වේ.
Code Example
void myMethod() {
int x = 10;
int y = 20;
}
myMethod() run වෙද්දී x සහ y stack එකේ තබනවා.
method එක අවසන් වුණාම ඒවා මැකෙනවා.
ප්‍රධාන ලක්ෂණ
වේගවත්යි – memory allocation/deallocation ඉතා වේගවත්
ස්වයංක්‍රීයයි – programmer intervene කරන්න ඕන නෑ
සීමිත ඉඩ – වැඩියෙන් data දැම්මොත් Stack Overflow error
2. හීප් මෙමරි (Heap Memory) යනු කුමක්ද?
හීප් මෙමරි යනු විශාල memory pool එකකි. මෙහි data store වන්නේ dynamic විදිහටයි. මෙය ප්‍රධාන වශයෙන් Objects සහ complex data structures සඳහා භාවිතා කරයි.
මෙය ක්‍රියාත්මක වන ආකාරය
Object එකක් create කරන විට (new keyword):
Object data → Heap එකේ store වෙනවා
Reference (heap address) → Stack එකේ store වෙනවා
Code Example
class Person {
String name;
}
Person p = new Person();
p.name = "Kamal";
Memory layout:
STACK HEAP
p ───────────────▶ Person Object
name = "Nimal"
ප්‍රධාන ලක්ෂණ
ධාරිතාව විශාලයි
ප්‍රධාන වශයෙන් Objects සහ complex data structures සඳහා භාවිතා කරයි
Slower than stack
Java/Python වල Garbage Collector(GC) memory clean කරනවා
C/C++ වල programmer manage කරන්න ඕන
3. Stack සහ Heap එකට එකට බලමු
int a = 5;
Person p = new Person();
p.name = "Nimal";
STACK HEAP
a → 5
p ───────────────▶ Person Object
name = "Nimal"
Stack vs Heap — Comparison Table
| විශේෂාංගය | ස්ටැක් | හීප් |
| Storage Type | Temporary | Dynamic / Long-term |
| Speed | Fast | Slower |
| Size | Limited | Large |
| Managed By | System (Auto) | GC / Programmer |
| Stores | Local variables, references | Objects |
| Error | Stack Overflow | Memory Leak |
සරල උදාහරණයක්
Stack = පොත් ගොඩක් එක උඩ එක තැබුවා වගේ
Heap = විශාල ගබඩා කාමරයක් වගේ
සාරාංශය
Stack → temporary, fast, auto managed
Heap → objects, large memory, GC managed





